Wednesday, July 3, 2013

එස් 6

සාමුහික සමාජ වගකීම

තිරසාර සංවර්ධනය ලබාගැනීමේ සංකල්පය විශ්වීය මට්ටමෙන් වැදගත් කොට හා සුවිශේෂී කොට සලකනු ලබයි. පාරිසරික සමාජික හා ආර්ථීක තිරසරභාවය සඳහා ලොව පුරා සිටින සංවේදී කොටස් හිමියනගේ සාමූහික දායකත්වයේ වටිනාකම වැඩිවෙමින් පවතී. මෙම උත්සහයන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රතිලාභ දැනට පීඩාවට පත්ව සිටින වර්තමාන පරම්පරාවට වඩා අනාගතයේ පහළ වන ඉදිරි පරම්පරා වල තිරසාර සමෘධිමත් භාවයත් හා සුරක්ෂිත අනාගතයක් සහතික කිරීම සඳහා ඉවහල් වනු ඇත.
සාමුහික සමාජ වගකීම (සා.ස.ව) පිළිබඳ සංකල්පීය යමක් ප්‍රදානය කිරීමට වඩා ඉහළ වටිනා කමක් ඇති දෙයකි. සා.ස.ව වනාහි අද ව්‍යාපාරික අරමුණු හා සැලසුම්වල අඩංගු වියයුතු කොටසක් ලෙස සැලකෙන සමාජ හා පාරසරික කරුණු ගැන අවධානය යොමුකිරීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන බැංකුවක් ලෙස ව්‍යවසායකත්වය හා  සංවර්ධන කාර්යයේ නිරතවී සිටින ඩී.එෆ්.සී.සී. බැංකුව, ධනාත්මක සමාජ හා ආර්ථීක වෙනස්වීම් වලට උත්ප්‍රේරණයකි.
නියමු ව්‍යාපෘතියක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ඩී.එෆ්.සී.සී. බැංකුව විසින් පාසල් වලට හඳුන්වා දුන් එස් 6 ක්‍රියාත්මක කිරීමේ පාසල් ව්‍යාපෘතීන් මගින්  2009 වර්ෂයේ සිට දිවයින පුරා පාසැල් 100ක් පමණ ප්‍රතිලාභ ලබමින් සිටී. මේ යටතේ ජපන් මූලධර්ම වූ 5 එස් වලට ආරක්ෂාව (Safety) එකතු කොට එස් 6 නම්න් කි්‍රයාත්මක මෙම ව්‍යාපෘතියට ආර් 3 (අඩුකිරීම, නැවත ප්‍රයෝජනයට ගැනීම ,ප්‍රතිචක්‍රීකරණය) යන සංකල්පය එකතුකොට ප්‍රාථමික පාසල්වල ළමුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ කාර්යයේ යෙදී සිටි.
ධනාත්මක චින්තනය කළමනාකරණ වෙනස්වීම් නායකත්ව සංවර්ධනය කණ්ඩායම් ක්‍රියාකාරකම් නිර්මණාත්මක චින්තනය පිළිඹද විශේෂඥයින් ලවා පවත්වනු ලබන මූලික වැඩමුළු හා සම්මන්ත්‍රණ ධනාත්මක විපරමක් ඇති කරමින් පාසල් වල ගුරුවරුන්ගේ වෙනස්වීම් වලට බලපා ඇත. එම වැඩමුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ හා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පවත්වා ඇත. එස් 6 ක්‍රියාත්මක කිරීමේ පුහුණු වැඩසටහන් අදාළ පාසල් වල ගුරුවරු ළමයින් දෙමාපියන් සඳහා පවත්වා ඇත.
මෙම ව්‍යාපෘතිය ළමුන් සඳහා ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වන්නේ පූර්ව ළමා වියේ පටන් සංවිධානාත්මකව පරිසරය පිරිසිදුව තබාගනිමින් වැඩ කිරීමට හුරුව ලබාදීමයි. ව්‍යාපෘතිය පිළිබඳව පුළුල්ව සැලකීමේ දී එමගින් ළමයින් වැඩිවියට පත්වීමේ දී මෙම පුරුදු ඉහළ ඵලදායී තාවයකින් යුත් පොදු වැඩ කිරීමේ ආචාර ධර්මයන්ට හුරුවනු ඇත.

දෙවනුව 3 R සංකල්පය යොදා ගැනීමේදී පරිසරය රැකබලා ගැනීමේ වටිනාකමත් මූලිකව පරිසරයට ගෞරව කිරීමත් හා පාරිසරික සම්පත් ආරක්ෂා කරගැනීමටත් ළමයින් ඉගෙන ගන්නවා ඇත.
6 S මූලධර්මයන් නිදහස්ව හා අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට එකී පැසල් වල ගුරුවරුන් හා දෙමව්පියන් උනන්දු කිරීමෙන් ව්‍යාපෘතියේ තිරසාරත්වය අත්කරගෙන ඇත.
තෝරාගත් ගුරුවරුන් පිරිසක් අන්න්‍යෝන්‍ය පාසල් විගණනයට ලක් කිරීමේ හා එසේ යහපත් ලෙස එස් 6 ක්‍රියාත්මක පාසල් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමේ යාන්ත්‍රණයක් ඇති කොට ඇත.
2010 ඩී.එෆ්.සී.සී. බැංකුව ජාත්‍යන්තර ව්‍යාපාර සම්මාන ප්‍රදානයේ (ජා.ව්‍ය.ස.ප්‍ර) සාමුහික සමාජ වගකීම ඉටුකිරීමේ උත්සහය වෙනුවෙන් සම්මාන ලබා ඇත. බැංකුව ජා.ව්‍ය.ස.ප්‍ර ගෞරවනීය පිළිපැදීමකට ලක්කොට කැපී පෙනෙන්නේ එහි ස්ටීව්˜ (Stevie) නම් සම්මානයෙන් පිදුම් ලබමිනි. ඒ සාමූහික සමාජ වගකීම ඉටුකිරීමේ උත්සාහය වෙනුවෙනි. මීට අමතරව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පවත්වන සාමූහික සමාජ වගකීම ව්‍යාපෘති අධ්‍යාපන හා පුහුණු˜ කාණ්ඩය යටතේ 2010 හොඳම සාමූහික පුරවැසි සම්මානයෙන් පුදනු ලැබීය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි