Friday, July 12, 2013

මහාචාර්ය සුනිල් ආරියරත්නට සාහිත්‍ය සූරි සම්මාන උපාධිය පිරිනැමේ

මහාචාර්ය සුනිල් ආරියරත්නට
සාහිත්‍ය සූරි සම්මාන උපාධිය පිරිනැමේ


කිසියම් විශ්වවිද්‍යාලයකින් කෙනෙකු ලබන ඉහළම උපාධිය සාහිත්‍ය සූරි සම්මාන උපාධියයි. දශක ගණනාවක්‌ තිස්‌සේ සිදු කරන ලද සේවය අගයමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ඊයේ (11 වැනිදා) සාහිත්‍ය සූරී සම්මාන උපාධිය පිරිනැමිණි. විශ්වවිද්‍යාල සේවයේ නියුතු ආචාර්යවරයකුට තම සේවා කාලයේදීම එවැනි සම්මාන උපාධියක්‌ පිරිනැමෙනුයේ විරල වශයෙනි.

ඊයේ එම සම්මාන උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වෙත පිරිනැමූ අයුරු. එම අවස්‌ථාවට එක්‌ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය එන්. එල්. කරුණාරත්න මහතාද ඡායාරූපයේ වෙයි. ඡායාරූපය

රංජිත් විමලසිරි

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි