Saturday, July 20, 2013

බැහැයි කියල බැහැයි කියල බෑ



(අසූව දශකයේ ජාතික රූපවාහිණියේ විකාශය වූ ටයිටස් තොටවත්ත ශූරීන්ගේ "දොස්තර හොඳ හිත" හඬ කැවූ කාටූන් වැඩසටහනේ ගීතයක්... ) 

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව හා සංගීතය: සෝමසිරි ඉලේසිංහ

සමූහ ගායනය: "ලා තණකොළ පෙත්තාස්" දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, රසාදරී පීරිස්, රවීන්ද්‍ර මුණසිංහ සහ පිරිස


මේ කාටුන්වල ගීත නිර්මාණයෙත් අපූරු ඉතිහාසයක් හැංඟිලා. ඔහු මේ කාටුන්වල තියෙන ඉංග්‍රිසි ගීතය සම්පූර්ණයෙන්ම අරන් දමනවා. මොකක් හරි කොළයක කුරුටු ගානවා. ‘අතුල, ප්‍රේමකීර්ති ළඟට අරන් ගිහින් හදාගෙන වරෙන්’. මමත්, අනුරත් මේ කොළය අරගෙන ප්‍රේමකීර්ති මහත්තයා ළඟට දුවනවා. ආයෙත් එනවා. ආයෙත් යනවා. ඔහොම ඉඳලා ඉඳලා කොහොම හරි ඔන්න ප්‍රේමකීර්ති ගන්නවා ටයිප් රයිටරේ, ඔහුම ටයිප් කරනවා.
‘අපි හැදුනේ රට රකින්න බැහැයි කියලා බෑ
රට වෙනුවෙන් වැඩ කරන්න බැහැයි කියල බෑ
යුතුකම් ඇත ඉටු කරන්න බැහැයි කියල බෑ
පුතේ දුවේ කිසිම දෙයක් බැහැයි කියලා බෑ’
සෝමසිරි ඉලේසිංහ මාස්ටර් මේකට තනුවක් දානවා. ඔන්න ඔහොමයි ලොකු පොඩි හැමෝම අදත් ආදරය කරන දොස්තර හොඳ හිත, පිස්සු පූසා වගේ කාටුන් බිහි වුණේ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි