Friday, July 5, 2013

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

වසර 125ක් සපුරන බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

President attends annual prize giving at Kristhudeva Balika Vidyalaya 3

වසර 125ක් සපුරන ගාල්ල, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද (05) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා ත්‍යාග හා පදක්කම් ප්‍රදානය කිරීමට එක් විය.
ගාල්ල ක්‍රිස්තුදේව විද්‍යාලයට වසර 125ක් සපිරීම නිමිත්තෙන් නිකුත් කරන ලද මුල්දින කවරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා, ජ්‍යේෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගුණරත්න වීරකෝන්, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර, ගයන්ත කරුණාතිලක දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

SMB/pmu
President attends annual prize giving at Kristhudeva Balika VidyalayaPresident attends annual prize giving at Kristhudeva Balika Vidyalaya 2President attends annual prize giving at Kristhudeva Balika Vidyalaya 4President attends annual prize giving at Kristhudeva Balika Vidyalaya 5 

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි