Tuesday, July 16, 2013

පොල්පිති හරකෙක් හදමු

පොල්පිති හරකෙක් හදමු  හසරැල්ලක් වෙතින්



ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Projectවැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.


මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....

පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]

පොල් කට්ටක්
ලණු කැබැල්ලක් 
මහ පිහියක් 


මුලින්ම කරන්න තියෙන්නේ හරකාගේ දිගට ඇතිවෙන්න පොල් පිත්ත කපාගන්න එකයි.


ඊට පස්සේ හරකාගේ වලිගය හරිය පිහියෙන් හදාගන්න ඕන.පින්තුරේ තියෙන විදිහට....



ඊටත් පස්සේ හරකාගේ කකුල් හදාගන්න ඕන උඩ පින්තුරේ තියෙන විදිහට.....



ඔන්න දැන් තමයි අමාරුම වැඩේ.ඒ කියන්නේ හරකාගේ අන් තට්ටුව හදාගැනීම.ඒක ඔය උඩ පින්තුරේ තියෙන විදිහට හදාගන්නකෝ.අන් තට්ටුව ලොකුවුණු තරටම හරකාගේ සැර පරුෂ භාවයත් වැඩිවෙනවා...හි..හි...



දැන් ඔන්න උඩ පින්තුරේ විදිහට හරකාට අන්තට්ටුව හයිකරගන්න ඕන.

අන් තට්ටුව හයිකරපු ගමන්ම හරකාගේ බෙල්ල වටේ ලනුවක් දාලා ගැට ගහන්න ඕන.නැත්නම් හරකා ගාල කඩාගෙන ගොහින් මිනිස්සුන්ට අනතුරු කරන්න ඉඩ තියෙනවා.



දැන් ඉතින් තියෙන්නේ හරකාට වෙලාවට කන්න බොන දෙන එක විතරයි.නැත්නම් හරකා අහල පහල වතුවලට පැනලා වගා හානි කරන්න ඉඩ තියෙනවා.ඒ වගේම තමයි පොඩි අය මේවා තනියම හදන්න යන්නෙපා..අම්මලා තාත්තලා පොඩි අයට මේවා හදලා දෙන්න හොදේ.

ඒ වගේම තමයි පොල්පිති හරකා මේ විදිහට නැතුව පොල් පිත්තේ මුල් කැබැල්ල අරගෙන ඒකට පොල්කටු අන් වෙනුවට ලී කෝටු කෑලි දෙකක් ගහලා හරකෙක් හදන විදිහකුත් තියෙනවා.ඊට වඩා මේ විදිහ ලස්සනයි කියලා හිතුන නිසා මං මේ විදිහට හැදුවේ.එහෙනම් ලබන සතියේ තවත් Weekend Project එකකින් හමුවෙමු ...ටටා.....

2 comments:

එල අපිත් පොඩිකාලේ මෙවත් එකක් සෙල්ලම් කරල තියෙනව. මෙ post එක දැක්කම එකපාර අතිතයට ගියා..

machan ada daruwo owa dekalath ne api podi kale sellam kale owa ekka

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි