Wednesday, March 27, 2013

2013 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සඳහා නිර්මාණ බාරගැනේ

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය චිත්‍ර මූර්ති අනුමණ්ඩලය මගින් දීපව්‍යාප්තව පවත්වනු ලබන 2013 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ මූලික වටය සඳහා ළමා චිත්‍ර බාරගැනීම මේ දිනවල සිදු කෙරේ.
ඵම චිත්‍ර  තරගය ප්‍රාථමික (අවු.5-6) , පශ්චාත් ප්‍රාථමික(අවු.7-9), කණිෂ්ඨ (අවු.10-12), ජ්‍යෙෂ්ඨ (අවු.13-15) හා ජ්‍යෙෂ්ඨ ද්විතීක(අවු.16-18) යන  අංශ පහ යටතේ පැවැත්වෙන අතර එක් අයෙකුට කැමැති මාතෘකාවක් යටතේ කැමැති මාධ්‍යයක් භාවිත කරමින් අගල් 18x14  ප්‍රමාණයේ එක් චිත්‍රයක් පමණක් ඉදිරිපත් කළ හැකිය. චිත්‍රය පිටුපස  සිංහල ,දෙමළ හෝ ඉංග්‍රීසි බසින්  නම, උපන් දිනය, 2013.1.1 වන දිනට වයස, තරග අංශය, පෞද්ගලික  ලිපිනය, දුරකථන අංකය,ස්ථීර පදිංචි දිස්ත්‍රික්කය සදහන් කොට තමන්ගේම චිත්‍රයක් බවට සහතික කොට 2013 මාර්තු 30 වන දිනට පෙර ලේකම්, රාජ්‍ය චිත්‍ර මූර්ති අනුමණ්ඩලය, ජාතික කලාභවන, නෙළුම් පොකුණ මාවත, කොළඹ 07 . ලිපිනයට තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදිය හැකිය.
පළමු වටයේ ලැබෙන නිර්මාණ අතුරින් එක් දිස්ත්‍රික්කයකින් ළමුන් 150  දෙනෙක් වයස් කාණ්ඩ 5 යටතේ තෝරා ගන්නා අතර ඔවුන් දෙවන වටයට යොමු කෙරේ. දෙවන වටයට තෝරාගනු ලබන චිත්‍ර නිර්මාණකරුවන්ට ඒ ඒ දිස්ත්‍රික්කවල චිත්‍ර වැඩ මුළු පවත්වා  අවසානයේ දී චිත්‍ර නිර්මාණයට අවස්ථාව ලබා දෙන අතර එදින නිර්මාණය කරනු ලබන  චිත්‍ර අතරින් තෝරාගනු ලබන නිර්මාණ 2013 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සඳහා ඉදිරිපත් කෙරේ.
රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ දී එක් වයස් කාණ්ඩයකින් පළමු, දෙවන හා තෙවන ස්ථාන හා සම්මාන 10 ක් හා කුසලතා සම්මාන 30 ක් බැගින්  තෝරා සහතික පත් හා පදක්කම් පිරිනැමීමට කටයුතු යොදා ඇත. මීට අමතරව ප්‍රථම වටයේ ජයග්‍රහණ කරනු ලබන සියලු නිර්මාණකරුවන්ට   සහතිකපත් පිරිනැමීමට ද නියමිතයි‍.
මේ පිළිබද වැඩි විස්තර 011 3188873 දුරකථනයෙන් විමසිය හැකිය.

කතුහිමිකම © 2013 සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකාව

http://www.culturaldept.gov.lk/web/index.php?option=com_content&view=article&id=128%3Aacceptance-of-drawings-for-the-state-childrens-art-festival&catid=3%3Anews-a-events&Itemid=70&lang=si

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි