Saturday, March 30, 2013

පෝදා රෑ අසිරිය

පෝදා රෑ අසිරිය


රන් තැටියක් සේ පුන්සඳ බබළනවා
බෝපත් අතරින් තරු කැට දිස්වෙනවා
බෝ අතුවල කොඩි එල්ලා සරසනවා
මල් පහන් ගෙන අපි පන්සල් යනවා
මල් පුදලා අපි තෙරුවන් නමදිනවා
සඳ කිරණින් වෙල් එළියම බැබළෙනවා
නියර දිගේ මිනිසුන් පන්සල් එනවා
පෝ දා රෑ අසිරිය දැන් කියවෙනවා
මඳ සුළඟට බෝපත් ටික සෙලවෙනවා
රත්තරනින් බෝරුක දැන් දිස්වෙනවා
සීත සුළඟ අප ගත සිත සනසනවා
මේ හැම දේ අපගේ නෙත් පුබුදනවා
එච්. එම්. පූජා නෙත්මිණි
8 ශ්‍රේණිය ‘ඒ’,
ධර්මසිරි සේනානායක ම. වි.,
තුල්හිරිය

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි