Saturday, March 30, 2013

කුමරතුඟු හරසර

සිත තුළ රැඳෙයි ඔබෙ කව් ගණනක් මාස
එම රස කව් කතා කියවන්නට ආස
නිවනව එහි අරුත අපගේ දුක් වෙහෙස
ඔබටයි උපහාර කිවිඳුනි මුනිදාස


සිරිමත් කියා ළමයකුගේ සිත පැහැදී
දින චරියාව ගැන රසවත් ලෙසට පැදී
ගෙතුවා අපට ඔබ ලස්සන ගතිය රැඳී
අපි ඔබ සමරනව සැම දෙන පෙළට සැදී


නව අදහස් අපේ සිත් තුළ පහන් කෙරේ
සිහල බසට ඔබෙ සිත ගියෙ නිරන්තරේ
කිවිඳුනි ඔබයි නොනිමෙන කව් පහන් තිරේ
ළමයින්ගේ හදට ළං විය හීන් සැරේ


සචින්ත නඳුන්
9 ශ්‍රේණිය ‘ඒ’,
විජයබාහු මහ විද්‍යාලය, ඔක්කම්පිටිය

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි