Friday, March 29, 2013

ජාතික ළමා සභාව


ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සඳහන් 4 වෙනි වගන්තිය අනුව ළමයින්ගේ සහභාගිත්ව අයිතිය තහවුරු කිරීම හා ළමුන්ගේ අදහස් වලට ඇහුම්කම් දීමක් ඔවුන්ගේ මතයට ගරුකිරීමත් යන කරුණු සක්ෂාත් කර ගැනීමේ ඒකායන අරමුණු ඇතිව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව  “ජාතික ළමා සභාව ” 2009 ඔක්තොම්බර් 01 දින ලෝක ළමා දිනයට සමගාමීව සුවිශේෂ ආයතනයක් ලෙසින් පිහිටුවා ගන්නා ලදී.

මෙම දෙපාර්තමෙන්තුවේ මූලිකත්වයෙන් දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් දරුවන්ගේ සමූහගත ආයතනයක් ලෙස ළමා සමාජ පිහිටුවා ඇත.  එහි ප්‍රාදේහීය,දිස්ත්‍රික් , වශයෙන් ව්‍යුහගත වන ආයතනය ලෙස  ප්‍රාදේශීය ළමා සභා ,දිස්ත්‍රික් ළමා සබාවක් පිහිටුවා ගෙන තිබේ.  එම ව්‍යාපෘතියේ ජාතික තලය වන්නේ ජාතික ළමා සභාවයි.
ජාතික ළමා සභාව
(දිස්ත්‍රික් ළමා සභාවේ නිලධාරීන්ගේ හා සමාජ්ක දරුවන්ගේ එකතුවෙන් ජාතික ළමා සභාව නිර්මාණය කෙරේ.)

දිස්ත්‍රික් ළමා සභාව
(ප්‍රාදේශීය  ළමා සභවේ නිලධාරීන්ගේ හා සමාජ්ක දරුවන්ගේ එකතුවෙන් දිස්ත්‍රික්  ළමා සභාව නිර්මාණය කෙරේ.)

ප්‍රාදේශීය  ළමා සභාව
(ග්‍රාමීය   ළමා සභවේ නිලධාරීන්ගේ හා සමාජ්ක දරුවන්ගේ එකතුවෙන් ප්‍රාදේශීය  ළමා සභාව නිර්මාණය කෙරේ.)

ළමා සමාජ
(ග්‍රාම  නිලධාරී වසමහි දරුවන්ගේ එකතුවෙන් ළමා සමාජ නිර්මාණය කෙරේ.)

ජාතික ළමා සභාවේ අරමුණු
  1. ශ්‍රී ලංකීය දරුවන්ගේ පැවැත්ම , රැකවරණය ,සංවර්ධනය, සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම.
  2. ජාතික සංවර්ධනයට උපදෙන නිර්මාණශීලී කුසලතාවලින් පිරිපුන් ශ්‍රී ලාංකිය දරුපරපුරක් බිහිකිරීම.
  3. දේශ හිතේෂි සදාචාරත්ම හා සෞඛ්‍යය,සම්පන්න ප්‍රීතිමත් දරුපරපුරක් බිහිකිරිම යන්නයි.

1 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි