Friday, March 29, 2013

උසස් පෙළ සමතුන්ට ජනපති අතින් ශිෂ්‍යත්ව



President1
2011 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට A සමාර්ථ තුනක් ලබාගෙන  වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට නොහැකි වූ සිසුන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින්  ශිෂ්‍යත්ව පිරිනැමීම ඊයේ (28)  පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී සිදු කෙරිනි.
එක් ශිෂ්‍යයෙකුට රුපියල් ලක්ෂ 70ක් වටිනා ශිෂ්‍යත්වයක් මේ යටතේ හිමිවන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10දෙනෙකුට ඒ අනුව ඊයේ ජනාධිපතිතුමන් අතින් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිනි.

මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ECB/PMU

president2













president3












© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. 
අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි