Wednesday, March 20, 2013

අටලූගම මායාදුන්න විද්‍යාලයේ දරු දැරියන් සමග විදුල ළමා ගුවන් විදුලිය

ඔන්න අද උදේම කෑගල්ල  දෙහි ඕවිට අධ්‍යාපන කලාපයේ අටලූගම මායාදුන්න විද්‍යාලයේ දරු දැරියන් පිරිසක් එයාලගේ වාර්ශික අධ්‍යාපන චාරිකාව යන ගමන් අපේ ගුවන් විදුලි සංස්ථාවටත් ගොඩ වැදුනා. සම්බන්ධතා මැදිරි නරඹලා සුභාවිත ගීතය සජීවි වැඩසටහනත් බලලා ආපහු යන්න යනකොට එක දරුවෙක් ගුරුතුමෙක්ගෙන් අහනවා අපිට ඇහුනා මෙහෙම දෙයක්.

"සර් එතකොට අර විදුල රේඩියෝ එක තියෙන්නෙත් මෙහෙද...???"
ගුරුතුමාගේ මුහුනෙ සිනාවක් මතුවුනා.
දරුවගේ හිස අතගාමින් ගුරුතුමා කිව්වා.
"ඔව් දරුවෝ ජාතික ගුවන් විදුලියෙන් තමයි විදුල විකාශය පවත්වාගෙන යන්නෙ" කියලා.

මේ කතාබහට සවන් දීපු විදුල ළමා ගුවන් විදුලියේ නිෂ්පාදන කණ්ඩායම තීරණය කලා මේ දරු දැරියන්ට තමන්ගේ දක්‍ෂතා පෙන්වන්න විදුල උදා විකාශයෙන් ඉඩක් දෙන්න. 
සංස්ථා මැදිරි වල පවතින කාර්යබහුල පටිගත කිරීම් නිසාවෙන් අපි තීරණය කළා ගුවන් විදුලි පරිශ‍්‍රයේ විරාජමාණව වැඩ හිදින බෝධීන් වහන්සේ අසල ඇති එලිමහන් මැදිරියේ මෙම පටිගත කිරීම සිදු කරන්න.

විනාඩි කිහිපයක පෙර පුහුණුවීම් වලින් පසු අටලූගම මායාදුන්න විද්‍යාලයේ දරු දැරියන් බොහොම සන්තෝසෙන් තමන්ගේ වි¥ ගුවන් වි¥ලියෙන් මුලූ රටම ඇමතුවා.

මෙය ඔවුන්ගේ පාසලට ලැබුණු අනගි අවස්ථාවක් බවත් ගුවන් වි¥ලි සේවයක් පවත්වාගෙන යාම පිලිබද දරු දැරියන් ප‍්‍රායෝගිකව ඉගෙන ගත් බවත් වි¥හලේ ගුරුවරුන් පැවසුවා

1 comments:

lamayinta me wage awasthawak deema hodayi

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි