Tuesday, March 12, 2013

ගුවන් විදුලියෙන් රටට දෙන 'හඬ' - සිංහල ගීතයේ පරිණාමය විශේෂ කලාපය


ගුවන් විදුලියෙන් රටට දෙන 'හඬ'
සිංහල ගීතයේ පරිණාමය විශේෂ කලාපය
සිංහල ගීතයේ පරිණාමය හෝ ක්‍රම විකාශනය පිළිබඳ බහුතර ගීත ශ්‍රාවකයන් දැනුවත් කිරීම හඬ සඟරාවේ යුතුකමකි. මන්ද යත් සිංහල ගීතයේ තිඹිරිගෙය 'ගීතාලය' හෙවත් නිර්මාණ මන්දිරය ගුවන් විදුලිය වන බැවිනි. වත්මන් සියලු විද්යුත් මාධ්‍ය යෑපෙන්නේ ඒ නිර්මාණ මන්දිරයේ නිෂ්පාදන වලින් වන බැවිනි."

ග්‍රැමෙµdaන් ගීතද නාට්‍ය ගීතද සරල ගීතද ශාස්‌ත්‍රීය ගීතද ජන රාශියක්‌ වෙත ගෙන ගිය එකම වාහනය ගුවන් විදුලිය විය. රසික ජනමනස හැදුවේද ගුවන් විදුලියයි. සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, අමරදේව, නන්දා මාලනි ප්‍රමුඛ අධ්‍යතන සුභාවිත ගායක ගායිකා පරපුර නිර්මාණය කළේද ජෝතිපාල, ලතා ධර්මදාස, මිල්ටන් මල්ලවආරච්චි, මිල්ටන් පෙරේරා, ඇන්ජලීන් ගුණතිලක, වික්‌ටර් රත්නායක, සනත් නන්දසිරි අමරසිරි පීරිස්‌, ක්‌ලැරන්ස්‌ ප්‍රමුඛ බැස නොයනා සුපිරි තරු නිර්මාණය කළේද ගුවන් විදුලියයි. (උපුටා ගැනීම 'හඬ' ගුවන් විදුලි සඟරාවේ කතුවැකිය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව පළකරන විශිෂ්ට නිර්මාණ සංග්‍රහයේ (එයට 'විශිෂ්ට' යන යෙදුම අප යොදනුයේ එම සඟරාව මෙතෙක්‌ ප්‍රකාශිත ගුවන් විදුලි සඟරා අතර විශ්ව කෝෂයක්‌ බඳු නිර්මාණ සාර සංග්‍රහයක්‌ වන හෙයින්) 2013-ජනවාරි-මාර්තු කලාපය ඉකුත් සතියේ අප අතට පත්විය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහයන්ගේ උපදේශකත්වයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන්ගේ නිර්මාණශීලි සංස්‌කරණ ප්‍රතිභාවෙන්ද ගුවන් විදුලියේ ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ කුමාරදාස සපුතන්ත්‍රීගේ අධීක්‍ෂණයෙන් ද 'හඬ' මුද්‍රණය කර ඇත්තේ µdස්‌ට්‌ ඇඩ්ස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ් මගිනි.

ඉතා විරල ඡායාරූප රාශියක්‌ද අන්තර්ගත මෙවර හඬ සඟරාවට පැරණි සිංහල සංගීතය පිළිබඳ මූලාශ්‍ර (ආචාර්ය කේ. ඩී. පරණවිතාන) ග්‍රැමෙµdaන් ගීත (ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර) සිංහල කණ්‌ඩායම් සංගීතයේ ගී අවධිය (සම්පත් සල්පිටිකෝරාළ) ශාන්ති කර්ම හා කෝලම් නාටකයේ සංගීත භාවිතය (අරුණ ලොකුලියන) සිංහල සංගීතයේ දක්‍ෂිණ භාරතීය බලපෑම් (ප්‍රේමරත්න සමරනායක) නාඩගම් කලාවේ සංගීත භාවිතාව (සංජය කුමාර ජයලත්) ගුවන් විදුලිය ඇරඹුණේම ගීතයෙන් (ඒරානන්ද හෙට්‌ටිආරච්චි) සිංහල ගීතයේ තිඹිරිගෙය ගුවන් විදුලිය (ප්‍රේම රංජිත් විඡේවික්‍රම) ශාස්‌ත්‍රීය සංගීත - ප්‍රබෝධය (ආචාර්ය දයාරත්න රණතුංග) සුභාවිත ගීතයේ උල්පත ගුවන් විදුලි නාටක (රංජිත් විඡේසේකර) සිංහල ළමා ගීතය (මහින්ද අල්ගම) නූතන සිංහල නාට්‍ය සංගීතය (සංගීත විශාරද ජයන්ත අරවින්ද) ලංකේය ගීතයේ සාහිත්‍යමය හඬරාව (සේන නානායක්‌කාර) මානවවංශ සංගීත විද්‍යාව (රංජිත් ප්‍රනාන්දු) ටෙක්‌නිකල් කොලීජියෙන් ලලිත කලායතනයට (තිස්‌ස කාරියවසම්) ස්‌වර්ගීය පණ්‌ඩිත විෂ්ණු නාරයන භාත්ඛණ්‌ඩේ (කේ. ඒ. දයාරත්න) කර්තෘ භාග අභාගය (ආචාර්ය රෝහණ වීරසිංහ) සංගීත වින්දනය කායික සහ මනෝවිද්‍යාත්මක පදනම (රන්ජන් ඒ. අබේසිංහ) සංගීතය හා ජන කවි (එස්‌. එන්. රත්නජංකර් පඬිතුමා) සිංහල සංගීතය නංවන මහ (ආනන්ද සමරකෝන්) දේශීය සංගීතය (සුනිල් සාන්aත) සංගීතයේ භාෂාව (පණ්‌ඩිත් අමරදේව) ගැමි ගී යනු කුමක්‌ද (ඩබ්ලිව්. බී. මකුලොලුව) භාරතීය මහා සම්ප්‍රදායෙන් මිදීයා හැකිද මහාචාර්ය (එදිරවීර සරච්චන්ද්‍ර) විද්‍යා හා සිංහල සංගීතය (සංගීතඥ වින්සන්ට්‌ සෝමපාල) නූතන ගීතයේ නව ප්‍රවණතා (සංගීතඥ නදීක ගරුගේ සහ ගුවන් විදුලියේ නිර්මාතෘ විශේෂ ගීත ආදි විවිධ විශේෂාංග මෙහි මෙවර අන්තර්ගත කර ඇත. කෘතහස්‌ත මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන් 'හඬ' සංස්‌කරණය කර ඇති අති දක්‍ෂ ස්‌වභාවය දෙස බලන විට ඔහු වැන්නන්ට ජාතික මුද්‍රිත සන්නිවේදන මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළින් තවත් වටිනා මෙහෙවරයන් රැසක්‌ රටට කළ හැකි බව අපට යළි යළිත් පෙන්වාදෙන අතිශයෝක්‌තියක්‌ නොවන "සත්‍යයකි."

සිංහල ගීතයේ ඇරඹීම සිට වත්මන් භාතිය - සන්තුෂ් රසික පරපුර දක්‌වා විහිදෙන ගීතයේ පරිණාමය සියෑසින් දැක රසවිඳින සැමට 'හඬ' කර ඇති මෙහෙවර අපරිමිත බව අපේ හැඟීමය. ගීත සාහිත්‍ය හදාරන සැමට මෙන්ම අනාගත පරපුරටද මෙම 'හඬ' මහඟු දායාදයක්‌ තිළිණ කොට තිබේ. ඊට එක්‌වූවන්ටද අපේ ගෞරවය පුද කරමු. 2697497 වෙතින් 'හඬ' පිළිබඳව ඔබට තවත් යමක්‌ දැනගත හැකි වනු ඇත.

නාරද

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි