Tuesday, March 19, 2013

දැයට කිරුළට සමගාමීව ගල්ඔඩේ මහ විද්‍යාලය ළමා මිතුරු පාසලක් ලෙස සංවර්ධනය කෙරේ

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

prime
දැයට කිරුළ 2013 ජාතික ප්‍රදර්ශනය හා සංවර්ධන වැඩසටහන යටතේ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මඟින් රුපියල් ලක්ෂ 10ක වියදමින් පදියතලාව, ගල්ඔඩේ මහ විද්‍යාලය සංවර්ධනය කෙරේ.
මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර ඇති “ ළමා මිතුරු පාසල් ” සංකල්පය යටතේ මෙම සංවර්ධන කටයුතු සිදුකෙරෙන බව පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් යමුනා පෙරේරා මහත්මිය පැවසුවාය.

දැයේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය නංවාලමින් දරුවන්ට හිතකර, සංවේදී පරිසරයක් පාසල් පද්ධතිය තුළ නිර්මාණය කිරීම ළමා මිතුරු පාසල් සංකල්පයේ අරමුණ වේ. ඒ අනුව ගල්ඔඩේ මහ විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධන කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.            

හුදෙක් අධ්‍යාපනය පමණක්ම කේන්ද්‍ර  කරගත් පාසල් පද්ධතියක් නොව දරුවන්ට නිරවුල් මනසකින් හෙබි ක්‍රියාකාරි පිරිසක් බිහි කිරීම වෙනුවෙන් ළමා උද්‍යානය වැඩි දියුණු කරමින් සෙල්ලම් උපකරණ සවි කිරීමද “ සියලු දරුවන් මාගේ දරුවෝය ” යන සංකල්පය ගුරුවරුන් තුළ ඇති කිරීමටත් “දරුවන් තරම් වටිනා කිසිවක් ලොව නැති බව” දෙමාපියන්ට අවබෝධ කරවීම සඳහාත් ගුරු- දෙගුරු දෙපිරිසම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද මෙම සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීම ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම පාසල තුළ ප්‍රියමනාප පරිසරයක් ගොඩනැමීමේ අරමුණින් මෙම විද්‍යාලයේ ගොඩනැගිලි, ළමා මනසට උචිත වර්ණයන්ගෙන් වර්ණ ගැන්වීම ද මේ දිනවල සිදු කෙරෙන බවද කොමසාරිස්වරිය සඳහන් කළාය.

2013 වර්ෂයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දරුවන් වෙනුවෙන් කරනු ලබන මහඟු මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් පදියතලාව, ගල්ඔඩේ විද්‍යාලය ළමා මිතුරු පාසලක් බවට පත්කර මෙවර දැයට කිරුළ ජාතික සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව එම පාසලේ දරුවන්ට තිළිණ කිරීමට බලාපොරොත්තු වන අතර ළමා මිතුරු පාසල් සංකල්පය මුළු රට පුරාම ව්‍යාප්ත කිරීමට ද පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අපේක්ෂා කෙරේ.


© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි