Wednesday, March 27, 2013

කෑගල්ලේ සිසු හපනා

නව නිපයුම් ක්ෂේත‍්‍රයට අවශ්‍ය සංකල්ප නිර්මාණය වෙනමම විෂයකි. පවත්නා නිර්මාණ වැඩි දියුණු කරලීමද මෙහි කොටසක් වේ. එයට එක් හේතුවක් වන්නේ එක් රටක බිහිවූ නිර්මාණයක් වෙනස් නොකර තවත් රටක ප‍්‍රයෝජනයට ගැනීමෙන් ඇතිවන ව්‍යාකූලතාවයි.
අනෙක එහි කාර්යක්ෂමතාවය ට සිදු වන හානියයි. උදාහරණයක් ගත හොත් පිලිපීනයේ හා තායිවානයේ දියුණු කරන ලද ඇතැම් කෘෂි උපකරණ ලංකාවේ කුඹුරුවලදී අසාර්ථක වීම පෙන්වා දිය හැකිය. ග‍්‍රන්ථයකින් හෝ අන්තර්ජාලයෙන් හෝ යමක් පිටපත් කර ගන්නා විද්වතුන් අතින් ලංකාවට ගැළපෙන බොහෝ නිර්මාණ අපතේ යයි.

ආචාර්ය සී.ඩබ්. ඩබ්.  කන්නන්ගර මහතා විසින් සකස් කරන ලද නිදහස් අධ්‍යාපන විෂය ධාරාව පාසල් මට්ටමට යාමේ දී දරුවන් ගේ කුසලතා ගැනද සැලකිල්ලක් දක්වා තිබුණි. එයට හේතුව එයුගය වන විට වැඩි ළමුන් පිරිසක් සිටියේ ග‍්‍රාමීය පාසල් හා බද්ධව  වීමයි. හන්දෙස්ස ක‍්‍රමය යනුවෙන් එ් වැඩපිළිවෙළ හ`දුන්වා දී තිබුනේ මහනුවර දිස්ත‍්‍රික්කයේ හන්දෙස්සේ දී එය අත්හදා බැලීමට යොමු වීමෙනිි. ළමුන් නිර්මාණාත්මක ක‍්‍රියාකාරකම්වලට පෙලඹවීම එහි අරමුණ විය. නමුත් පසු කාලයේ දී අධ්‍යාපන බලධාරින් විසින්  ප‍්‍රතිපත්ති වෙනස් කරන ලද බැවින් මේ අගනා ක‍්‍රමය ඉවත් කෙරිණ. වර්තමානය වන විට ළමුන් ගේ ක‍්‍රියාකාරකම්වලට තැනක් නොලැබෙන තරමට අධ්‍යාපන විෂයයන් සංකීර්ණ වී තිබේ. තොරතුරු තාක්ෂණය කෙරෙහි අනවශ්‍ය ආකාරයට නැඹුරු වීම නිසා නව සොයා ගැනීම් වලට පෙලඹීම සිදු වන්නේ අතළොස්සක් දෙනා අතරින්ය.

මේ අවස්ථාවේ දී මෑතකදී තිරගත වූ හින්දි  චිත‍්‍රපටයක් ගැනද මතක් කළ යුතුය. ඉන්දියාවේ සුපිරි ධනවතුන් ඉගෙනුම ලබන පාසලක ළමයෙක් සිය නිර්මාණ කුසලතාව මගින් නව නිර්මාණයක් බල ගැන්වූ අවස්ථාවේ දී ඔහුගේ මහාචාර්යවරයා එය අගේ නොකර එය ගර්හාවට පත් කිරීම නිසා සිත් තැවුලෙන් සිය දිවි නසා ගන්නා ආකාරය එහි දක්වා තිබුණි. අධ්‍යාපනය පොතට හා යන්ත‍්‍රයකට භාර දීම මෙහි මූලික හේතුවයි. ලංකාවේ තත්ත්වය තරමක් මෙයට වෙනස්ව පවතින්නේ මෑතක පටන් මේ නව නිර්මාණයන්ට අගය කිරීමක් වටිනාකමක් ලැබී තිබෙන බැවිනි. වෙසෙසින්ම පාසල් නව නිර්මාණ සංගම් බිහි වීමෙන් දරුවන් ගේ නිර්මාණ උදෙසා විශාල ධෛර්යයක් ලැබී තිබේ.

මෙවර මෙම ලිපි තීරයේ සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ කෑගල්ලේ ශාන්ත මරියා විදුහලේ දුලංජන් පල්ලෙවත්ත සිසුවා ගැනය. ඔහු දැනට ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බල විදුලි  අංශයේ ඉගෙනුම ලබමින් සිටින්නෙකි. පාසල් යන කාලයේ සිට නව නිපයුම් සඳහා ඔහු ගේ බලවත් කැමැත්තක් ඇතිව තිබුණි. පාසල් තාරකා විද්‍යා සංගමය නිසා ඔහුගේ නිර්මාණ ශක්තියත් ගවේෂණ ශීලී හැකියාවත් දියුණු විය. එ් අනුව අඟහරු මතට යවන යානයක ආකෘතියක් ද සෑදීමට ඔහු එ් කාලයේ ගත් උත්සාහය සාර්ථක විය. 2011 වසරේ දී පාසලෙන් ඉවත්වූ පසු ජර්මන් කාර්මික විදුහලට ඇතුළත් වීමට ලැබීම ඔහුගේ දියුණුවට හේතුවක් විය.එහිදී තම දැනීම ඔප මට්ටම් වූවායින් පසු  ලොව කාර්මික විප්ලවය පිළිබඳ නව දැනුම සොයා යන්නට ඔහුට හැකි විය. එ් අනුව සිවුරැුසි පියසැරි යානා (ුම්ාජදචඑැර*  යනුවෙන් ලොව භාවිතා කරන අපූරු  යානා  පිළිබඳ ඔහුගේ අවධානය  යොමු විය. කුඩා සැහැල්ලූ බඳකින් සහ බමන පෙති හතරකින් සමන්විත මෙම යානා මිනිසුන් රහිතව ඉහළ අහසට නැංවිය  හැකිය. මෙය  ප‍්‍රති නිර්මාණය කර ගැනීම ඔහුගේ සිහිනයක් විය.

1923 වැනි ඈත කාලයකදී මෙම සිවුරැුසි පියසැරි යානා මුල් වරට නිෂ්පාදනය වී ඇති අතර  දුරස්ථ පාලකයකින් හසුරුවා ගෙන ඒ මගින් නොයෙකුත් වැඩ රාජකාරි සිද්ධ කර ගැනීම සිදුවෙයි. දුලන්ජන් ගේ සිත මේ සඳහා යොමු   වූයේ ඔහුගේ තාරකා විද්‍යා දැනුමේ පරාසය තුළයි. එ් අනුව 2012 වර්ෂයේ දී මෙම යානය සෑදීමට ගත් උත්සාහය සාර්ථක විය. එහි විශේෂතාව වූයේ එය සිවුරැුසියක් ලෙසට නොව තුනැසියක් නොහොත් වයි අක්ෂරයේ හැඩයට නිර්මාණය වීමයි. එයින් බලාපොරොත්තු වන්නේ එහි පියසැරියේ  ඉදිරිපස හඳුනා ගැනීමත් යානය ගමන් කරන දිශාව පිළිබඳව නිවැරදි නිගමනයකට එළඹීමත්ය. මෙය ඔහු හඳුන්වන්නේ වයි කොප්ටර් යනුවෙනි . එය තුනැසි පියසැරිය ලෙසට අපට සිංහලයෙන් දැක්විය හැකිය. වයි අක්ෂරයේ ඉහළ බමන පෙති දෙකකුත් පසුපස බමන පෙත්තකුත් මෙහි ඇතුළත්ය. මේ යානයට මීටර් සියයක් පමණ ඉහළට සහ ඈතට පියසර කළ හැකිය.  එ් මගින් ඉහළ සිට  ඡුායාරූප ගැනීම සැහැල්ලූ බරක් ප‍්‍රවාහනය වැනි කාර්යයන් ඉටු කර ගත හැකිය.

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඇතුළත් වූ පසු බල විදුලි  අංශයේ දී තම දැනුම දියුණු කර ගත් දුලන්ජන් පරිගණක මෘදුකාංග ආශ‍්‍රයෙන්මෙම පියසැරියට අවශ්‍ය සැලසුම් පද්ධති සකස් කර මෙම යානය වැඩි දියුණු කර ගෙන ඇත.එ් සඳහා ජර්මානු අභ්‍යාස ආයතනයේ ආචාර්යවරුන්ගේ නොමද සහාය ඔහුට ලැබී තිබේ. මෙම දියුණු කළ යානය තවමත් ඔහු කරළියට ගෙනවුත් නැත.   අනාගතයේ දී එය පදනම් කර ගෙන සැහැල්ලූ සෙල්ලම් යානා නිපදවීම ඔහුගේ බලාපොරොත්තුවයි. එසේම මෙරට නොයෙකුත් රාජ්‍ය  හා පෞද්ගලික විද්‍යා ආයතනවල ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් වඩා පහසු කරවීමට සරිලන ලෙසට මෙය දියුණු කළ යුතු බව ඔහුගේ විශ්වාසයයි. වෙසෙසිස නම් ඡුායාරූප ගැනීම ඉහළ අහසේ සිට වන දර්ශන හා සතුන්ගේ නිරික්ෂණ ඨඡුී හා ඨඡුඍී වැනි දත්ත ලබා ගැනීම මිනුම් කටයුතු වැනි දේවලට යොදා ගත හැකි බව පැහැදිලිය. එ් අතින් බලන කල්හි ලංකාව වැනි රටක ට සංවර්ධනයේ දී මෙවැනි නිර්මාණයන් අත්‍යවශ්‍ය වේ. දුලන්ජන් පල්ලෙවත්ත සිසුවා ගේ මෙම යානය නව නිපයුම් කොමිසම මගින් සංවිධානය කරනු ලැබූ සහසක් නිමැවුම් තරගාවලියේ දී මොටර් රථ හා ගුවන් යානා අංශයෙන් තෙවනි ස්ථානය මෙවර හිමි කර ගත්තේය. එසේම 2012 වසරේ මොරටුව සරසවිය විසින් සංවිධානය කරනු ලැබූ රොබෝ ටික් චැලේන්ජ් නම් තරගාවලියේ ද ඔහුගේ දස්කම් ඉදිරිපත් වී ඇත. දුලන්ජන් ගේ මතු බලාපෙරොත්තුව වන්නේ මෙම පියසැරි භාවිතා කර ලංකාවේ ගුවන් යානා ක්ෂේත‍්‍රයේ පැහැදිලි වෙනස් කමක් ඇති කරවන්නටයි.මෙම නිර්මාණය ගැන වැඩි විස්තර අවශ්‍ය නම් 0716729626 අංකයෙන් විමසා දැන ගත හැකිය.
මතුගම සෙනෙවිරුවන්

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි