Tuesday, March 26, 2013

සමන්තුරේ අල් - අස්රා විදුහලේ ඉ - ශිල්පාගාරය සිසු අයිතියට


HE SAMANTHURE SCHOOL
2013 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමී ව නැගෙනහිර පළාතේ පාසල් දරුවන්ගේ පරිගණක හැකියාව ඉහළ නැංවීමේ අරමුණින් සමන්තුරේ අල් - අස්රා විද්‍යාලයේ ස්ථාපිත කෙරුණු ඉ - ශිල්පාගාරය ඊයේ (24) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සිසු අයිතියට පැවරිණි.
 
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ව්‍යාපෘති අමාත්‍ය නිර්මාල කොතලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, නැගෙනහිර පළාත් අමාත්‍ය විමලවීර දිසානායක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
 
DB

HE SAMANTHURE SCHOOL 1 copy

HE SAMANTHURE SCHOOL 2

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි